• National Secretariat for Elders
  • +94 11 2054164
  • nsemss@gmail.com

Download Documents of Calling quotations for the purchase of 5000 contact lenses, 2500 Bifocal Spectacles, 1000 Hearing aids.

අක්ෂි කාච 5000, Bifocal ඇස් කණ්ණාඩි 2500, ශ්‍රවණාධාර 1000 මිලදී ගැනීම සඳහා මිල ගණන් කැඳවීම.

Share:
Charity of National Secretariat for Elders Head Office 2023

මෙරට උන්නතිය වෙනුවෙන් සිය කාලය ශ්‍රමය කැප කොට අවසානයේදී ජීවිතය පවා මේ මහ පොළොවට පස් වීමට ඉඩහල ආදරණීය වැඩිහිටියන්ට මෙන්ම තිස් අවුරුදු යුද්ධයෙන් මෙරට මුදවා ගැනීමට කටයුතු කළ විරෝධාර රණවිරුවන්ට පිං පැමිණවීමත්, ජීවත්ව සිටින ශ්‍රී ලාංකීය ආදරණීය වැඩිහිටි ප්‍රජාවට නිදුක්, නීරෝගි භාවය ප්‍රාර්ථනා කිරිම වෙනුවෙන් හා 2023 නව වසරට ආශීර්වාද කිරිම අරමුණු කරගෙන අධ්‍යක්ෂ, කේ.ජි.ලැනරෝල් මහතා ප්‍රමුඛ ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාල නිළධාරීන් විසින් හයවන ( 6 ) වරටත් සංවිධානය තරන ලද දානමය පුන්‍ය කර්මය 2023.01.02 දින පැවැත්විනි.

Share:
2023 Annual Transfers of Elderly Rights Promotion Officers

වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන්ගේ 2023 වාර්ෂික ස්ථාන මාරු.

Share:
-->
International Elders Day Celebration 1st Octomber 2022. "RESILIENCE OF OLDER PERSONS IN A CHANGING WORLD"

“වෙනස් වන ලොවක සවිමත් වැඩිහිටියෙක්”
“மாறிவரும் உலகில் மீள்உய்க்கை மிக்க மூத்த பிரஜைகள்”
“RESILIENCE OF OLDER PERSONS IN A CHANGING WORLD”

ජාත්‍යන්තර වැඩිහිටි දිනය සැමරීමට සමගාමීව ශ්‍රී ලාංකික වැඩිහිටි ප්‍රජාවගේ සුබසාධනය උදෙසා සෞඛ්‍ය රක්ෂණාවරණ වැඩසටහනක් “වැඩිහිටි සුවසරණ” නමින් වැඩිහිටි ප්‍රජාව වෙත නිල වශයෙන් හඳුන්වා දෙන ලදි. රක්ෂණ යෝජනා ක්‍රමය හඳුන්වා දීමේ වැඩසටහන 2022 ඔක්තෝබර් 01 දින ප.ව. 1.00 ට සෙත්සිරිපාය, කාන්තා හා ළමාකටයුතු අමාත්‍යාංශයේ (4 වන මහල) ශ්‍රවණාගාරයේදී ගරු රාජ්‍ය අමාත්‍යතුමාගේ, අමාත්‍යාංශ ලේකම්තුමාගේ හා වැඩිහිටි තැනැත්න් සඳහා වන ජාතික සභා සාමාජිකයන්ගේ ප්‍රධානත්වයෙන් ද, මේ සඳහා වැඩිහිටියන් හා බස්නාහිර පළාත් වැඩිහිටි බලමණ්ඩලය හා කොළඹ දිස්ත්‍රික් වැඩිහිටි බලමණ්ඩලය නියෝජනය කරමින් එම වැඩිහිටි බලමණ්ඩල වල ගරු සභාපති වරුන්, ලේකම්වරුන් හා භාණ්ඩාගාරිකවරුන් සහභාගි විය. ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමඟාමිව 2022.10.01 දින ප.ව. 4.00 සිට ප.ව. 5.00 දක්වා මාදිවෙල ඊයම්පෝරුව විහාරස්ථානයේදී ගරු රාජ්‍ය අමාත්‍යතුමාගේ, අමාත්‍යාංශ ලේකම්තුමාගේ හා වැඩිහිටි තැනැත්තන් සඳහා වන ජාතික සභා සාමාජිකයන්ගේ ප්‍රධානත්වයෙන් ද, කොළඹ දිස්ත්‍රික් ලේකම් හා මහරගම ප්‍රාදේශීය ලේකම්ගේ සහභාගගිත්වයෙන් ද, වැඩිහිටි ප්‍රජාව 200 පමණ පිරිසකගේ ද, ආරාධිත අමුත්තන් හා නිලධාරීන් ඇතුළුව සමස්ත පිරිස 300 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම පිංකම පැවැත්වීය.

Share: