ශ්‍රී ලංකා ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය

සක්‍රීය  වැඩිහිටි වියක් උදෙසා


අප ගැන

ශ්‍රී ලංකා සමාජය තුළ පවත්නා විස්කෘත පවුල් සංස්කෘතිය මගින් මෙරට දෙමාපිය-දූදරු සම්බන්ධයෙහි ප්‍රබලත්වය විදහා දැක්වෙන අතර එමගින් ශ්‍රී ලංකාවේ සාඩම්බර අනන්‍යතාවය පිළිබිඹු වේ. මෙම විස්තෘත පවුල් ක්‍රමයේ සුවිශේෂී ලක්ෂණයක් වන්නේ, එමගින් පවුලේ සෑම සාමාජිකයෙකුහටම ළමා අවධියේ සිට මහළු වයස දක්වා සුරක්ෂිත දිවිපෙවෙතක් ගත කිරීමට අවකාශ සැළසීමයි. පවුලේ වැඩිමහළුම තැනැත්තා එහි උසස්ම පුද්ගලයා ලෙස සළකා ගරු බුහුමන් දැක්වීම විස්කෘත පවුල් සංකල්පය තුළදී සිදුවේ. සාමාන්‍යයෙන්, වයස්ගතභාවයට එළැඹි පසු, සිය දරු මුණුබුරන් වෙත සමාජ චාරිත්‍ර වාරිත්‍ර හා ආචාර ධර්මයන් පිළිබඳ අවබෝධය ලබා දෙමින් සිය ජීවිතයේ ඉතිරි කාලය විවේකීව ගත කිරීමේ අවස්ථාව වැඩිහිටියන්හට හිමිවේ. ශ්‍රී ලංකාව දශක තුනකට අධික සිවිල් යුධ තත්ත්වයකට මුහුණ දුන් අතර එමගින් මෙරට ආර්ථික, දේශපාලනික, සමාජයීය හා සංස්කෘතික පැතිකඩයන් දැඩි බලපෑමකට ලක්වූ බව නොරහසකි. මෙහි නොවැළැක්විහැකි ප්‍රතිවිපාකයක් ලෙස වැඩිහිටි ජනතාව පිළිබඳ සමාජයේ අවධානය ගිලිහී ගොස් ඔවුන් හුදෙකලාවීම හා ඔවුන්ගේ සුබසාධනය පිරිහීමට ලක්වීම සිදුවිය. මෙම තත්වය හේතුවෙන් වර්තමානයේදී වැඩිහිටියන් රැකබලා ගැනීම හා ඔවුනට පෝෂ්‍යදායී ආහාර වේලක් සැපයීම සම්බන්ධයෙන් යම් යම් ගැටළු පවත්නා අතර රජය සිය සංවර්ධන කාර්යයන්ට සමගාමීව වැඩිහිටි සුබසාධනය සඳහා විශාල මුදලක් වැය කරයි.

ලෝකයේ වැඩිහිටි ජනගහනය සීඝ්‍ර ලෙස වර්ධනය වෙමින් පවතින වත්මන් අවධියේදී, ශ්‍රී ලංකාවේ ද වැඩිහිටි ජනගහනය සැළකිය යුතු ඉහළ මට්ටමක පවතී. නවතම සංඛ්‍යා දත්තයන්ට අනුව ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය 2,520,573 ක් වන අතර එය අනුපාතයක් ලෙස මුළු ජනගහනයෙන් 12.38% කි. වැඩිහිටියන්හට සිය ජීවිතයේ සැඳෑ සමය සතුටින් හා විවේකයෙන් ගත කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමේ අරමුණ පෙරදැරිව, රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගනිමින්, වැඩිහිටි සුබසාධනය හා සහභාගිත්වය තහවුරු කරනු පිණිස අප විසින් විශාල කාර්යභාරයක් සිදුකරනු ලැබේ. මෙම අරමුණ සාක්ෂාත් කරගනු පිණිස වැඩිහිටි සුබසාධන ආදර්ශකයක්, සකස් කර ඇති අතර එය පහත දැක්වෙන පරිදි ජාලගත කර ක්‍රියාවට නැංවීමට යෝජනා කර ඇත. වැඩිහිටියන් සමාජයේ ක්‍රියාකාරී සමාජිකයන් බවට පත්කිරීමටත් ඔවුන් හුදෙකලා භාවයෙන් හා ආර්ථික අපහසුතාවන්ගෙන් මුදවා ගැනීම සදහා නව මංපෙත් විවර කර ගැනීම සඳහා දේශීය හා ජාත්‍යන්තර සහයෝගිතාවය අපේක්ෂා කිරීමද මෙම කාර්යයයේදී සිදුවේ. දේශයේ නිර්මාපකයන් වන අපගේ සාඩම්බර වැඩිහිටි පරපුර වෙත අවශ්‍ය රැකවරණය හා සුබසාධනය සැළසීම සඳහා අප විසින් සිදුකරනු ලබන උත්කෘෂ්ඨ කාර්යය වෙනුවෙන් දායකවීමට ඔබටද අවස්ථාව පවතී. මෙම සද්කාර්ය සාර්ථක කරගැනීම සඳහා ඔබගේ පරිත්‍යාගශීලී දෑත ද ඒ වෙත දිගු කරන මෙන් මෙයින් ආරාධනා කරමු.

ධූරාවලිය


ගරු දයා ගමගේ මැතිතුමා

අමාත්‍ය
ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීවීම් අමාත්‍යාංශය

අශෝකා අලවත්ත මහත්මිය

ලේකම්
ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීවීම් අමාත්‍යාංශය

එස්. ඩී. උඩවත්ත මහතා

අධ්‍යක්ෂක
ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය

එම්. කේ. ආර්. යූ. ක්‍රිශාන්ත මහතා

සහකාර අධ්‍යක්ෂක
ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය

අපගේ ක්‍රියාකාරකම්


වැඩිහිටියන් වෙත අවශ්‍ය පහසුකම් සැළසිම

වැඩි විස්තර සදහා බලන්න

වැඩිහිටියන්හට සතුට දැනවීම

වැඩි විස්තර සදහා බලන්න

වෛද්‍යාධාර ව්‍යාපාරය

වැඩි විස්තර සදහා බලන්න

කේන්ද්‍රයෙන් ඔබ්බට

වැඩි විස්තර සදහා බලන්න

View More Items